Windows වල Partition හදන්නේ,කඩන්නේ මෙහෙමයි.


අපි අතරින් සමහර Computer පරිශීලකයන්ට තියෙනෙ ගැටලුවක් තමයි Computer එකේ Partition වල තියෙන අපිළිවෙල සහ බෙදීමේදී ඇති වී තිබෙන නොගැළපෙනකම්.Example එකක් කියුවොත් ඔයාගේ Hard disk 1 කඩලා තියෙන්නෙ Partition දෙකකට නම් ඔයාට File manage කරගන්න අමාරුයි.සමහර වෙලාවට පමනක් Computer වල Local disk-C එකට ලබදීල තියෙන්නේ කුඩ අගයක් නිසා Computer එක Boot වෙන්න යන වෙලාවත් වැඩියි.මේ නිසා අපි තීරණය කලා අලුතින් Partition එකක් හදන හැටි,තියෙන Partition එකක් Delete කරන හැටි,තියෙන Partition එකක ප්‍රමාණය වැඩි කරන හැටි,අඩු කරන හැටි ඔයාලට කියලා දෙන්න.

මුලින්ම බලමු අලුතින් Partition එකක් හදන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉන්පසු Unallocated සීමාව මත Right click කර New simple volume යන්න Click කරන්න.
  පාටින් රවුම් කර ඇත්තෙ unallocated සීමාවයි.


පියවර-4
ඉන්පසු ලැබෙන New Simple Volume Wizard එකෙ Next Button එක Click කරන්න.

පියවර-5
New simple volume wizard එකේ මීලග පියවරේදී ඔබට අවශ්‍ය Partition  එකේ විශාලත්වය MB වලින් ලබා දී Next button එක Click කරන්න.(1GB = 1024MB)
නැතහොත් Automatically ලබා දෙන අගය වෙනස් නොකර Next Button එක Click කරන්න.

පියවර-6
Automatically ලබා  දෙන Drive Letter එක accept කරන්න.ඔබට මෙම Drive letter එක වෙනස් කිරීමට අවශ්‍ය නම් වෙනස් කරගන්න.මෙහිදී තවත් Drive එකක් මගින් දැනට භාවිතා නොකරන Letter එකක් තෝරා ගත යුතුය.(Letter=අකුර)

පියවර-7
Format dialog box එකේ දෙන Option දෙකෙන් එකක් තෝරාගන්න.

1.ඔබට දැන්ම අලුත් Partition එක Format කිරීමට අවශ්‍ය නැති නම් Do not format this volume යන්න ලබා දී    Next Button එක Click  කරන්න.
2.ඔබට දැන්ම අලුත් Partition එක Format කිරීමට අවශ්‍ය නම් Format this volume with following settings යන්න ලබා දී අවශ්‍ය නම් Volume Label මගින් අලුත් partition එකට නමකුත් දීල Next button එක click කරලා  Finish Button එක click කරන්න.

තියෙන Partition එකක් Delete කරන්නෙ මෙහෙමයි.

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
Delete කළ යුතු Partition එක උඩ Right click කර delete යන්න click කරන්න.

පියවර-4
ඉන්පසු එන Dialog Box එකේ Yes යන්න click කරන්න.

අවවාදයයි:-මෙහිදී එම Partition එක තුළ අඩංගු දත්තද මැකී යයි.

මෙමගින් ඉතුරුවෙන ඉඩ ප්‍රමාණය unallocated සීමාව තුලට ගමන් කරන නිසා ඔබට අවශ්‍ය නම් ඉහත කී පරිදි අලුතින් Partition එකක් සාදා ගත හැක.

තියෙන Partition එකක ප්‍රමාණය වැඩි කරන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉඩ  ප්‍රමානය වැඩි කල යුතු කළ යුතු Partition එක උඩ Right click කර Extend යන්න click කරන්න.(මෙම option එක Hide වී ඇත්නම් එම Partition එක තවත් විශාල කළ නොහැක. )

පියවර-4
ඉන්පසු ලැබෙන Wizard එකේ Automatically ලබා දෙන වැඩි කළ හැකි ප්‍රමාණය හෝ ඔබට කැමති ඊට අඩු අගයක් MB වලින් ලබා දෙන්න.(1GB = 1024MB)

පියවර-5
Next button එක click කර Wizard එක අවසන් කරන්න.

මෙමගින් unallocated සීමාවේ ඇති ඉඩ ප්‍රමානය අඩුවන අතර අදාළ partition එකේ ඉඩ ප්‍රමාණය වැඩි වේ.

තියෙන Partition එකක ප්‍රමාණය අඩු කරන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉඩ  ප්‍රමානය අඩු කල යුතු කළ යුතු Partition එක උඩ Right click කර shrink යන්න click කරන්න.(මෙම option එක Hide වී ඇත්නම් එම Partition එක තවත් කුඩා කළ නොහැක. )

පියවර-4
ඉන්පසු ලැබෙන Wizard එකේ Automatically ලබා දෙන අඩු කළ හැකි ප්‍රමාණය හෝ ඔබට කැමති ඊට අඩු අගයක් MB වලින් ලබා දෙන්න.(1GB = 1024MB)

පියවර-5
Next button එක click කර Wizard එක අවසන් කරන්න.

මේ ක්‍රියාවලිය ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුත්තක් බැවින් යම් තරමක හෝ දැනුමක් නොමැතිව කිරීමට යාමෙන් වළකින්න.

අප ඉහත දැක්වූ English වචන කිහිපයක සිංහල තේරුම් පහත දැක්වේ.

Unallocated-භාවිතයට ගෙන නැති
Shrink         -ඇකිළෙනවා
Extend        -වැඩි කරනවා
Wizard        -වැඩසටහන(programme)

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments:

Post a Comment

 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google