New!!!
අඩි දහස් ගණනක් වතුර යට අතුරුදහන් යානය සොයන රොබෝව බලන්න
අතුරුදන් වූ MH370 යානයේ නියමුවා ලෙස කටයුතු කළ සහරී අහමඩ් ෂා සිය බිරිඳ සමග අමනාපයෙන් ජීවත් වූ බව හෙලිවී තිබෙනවා. එය හෙළි කර ඇත්තේ සහරී අහමඩ් ෂා ගේ අතිජාත මිත්‍රයෙකි විසිනි.
ගුවන් නියමුවාගේ බිරිඳ පවුල අතහැර වෙනත් ස්ථානයකට පදිංචියට යාමට සූදානම් වීම හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයක පසුවූ බව ඔහුගේ මිත්‍රයා ප්‍රකාශ කර තිබෙනවා.
කපිතාන් සහරී අහමඩ් ෂා ඉතා හොඳ ගුවන් නියමුවෙකු වුව ද පසුගිය දින කිහිපයේ ඔහුගේ මානසික තත්ත්වය ගුවන් යානාවක් පැදවීමට තරම් සුදුසු මට්ටමක නොතිබූ බව ඔහුගේ මිතුරා මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබෙනවා.
අතුරදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුනු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බවය.
ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.
පුද්ගලයන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (08) උදෑසන ගුවනේ දී අතුරුදන් වී තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ඊයේ මධ්‍යම රාත‍්‍රියේ නික්මුණු මෙම ගුවන් යානය මීට පැය කිහිපයකට පෙර බීජිං නුවරට ළඟාවීමට නියමිතව තිබුණා. එහෙත් ගුවන් යානය සහ පාලන කුළුණු සමඟ සම්බන්ධතාව බිද වැටී ඇති බවයි මැලේසියානු ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ වී ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා. බෝයිං 777 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ ළදරුවන් දෙදෙනෙකු ඇතුළු මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.
ගුවන් යානයේ රටවල් 13කට අයත් ගුවන් මගීන් සිටි බව වාර්තා වනවා. මලයාසියානු ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ ගුවන් මගීන්ගේ ඥාතීන් වෙත සිද්ධිය පිළිබද නිළ වශයෙන් දැනුම් දීම දැන් සිදුකෙරෙමින් පවතින බවයි. කෙසේ නමුත් යානයේ මගීන් 227 දෙනාගෙන් 160 දෙනෙකුම චීන ජාතිකයින් බව සඳහන්. අතුරුදන් වූ යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සංඛ්‍යාව 12ක්.
ගුවන් යානයේ කිසිදු ශී‍්‍ර ලාංකික මගියෙකු නොසිටි බව මැලේසියානු ගුවන් සමාගම තහවුරු කළා. රටවල් 13 කට අයත් මගීන් එහි සිටි අතර, චීන ජාතිකයන් 158 ක් ඒ අතර වනවා. යානය අතුරුදන් වනවිට එහි මගීන් 227 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. යානය ගමන් ආරම්භ කර විනාඩි 20 ක කාලයකින් පසු එය රේඩාර් තිරයෙන් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් යානය චීනයේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබැස් වූ බවට වාර්තා පළ වූවත්, චීන බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළා. තවමත් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් කියා සිටියේ.
අතුරුදන් වූ ගුවන් යානය සෙවීමට නෞකා 40ක්, ගුවන් යානා 30ක් සහ චන්ද්‍රිකා 10ක්
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය සෙනසුරාදා දකුණු චීන මුහුදේ දී අතුරුදන් වූ ගුවන් යානය ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ බවට ප‍්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව මලයාසියානු බලධාරීන් ප‍්‍රකාශ කළා. ඒ පිළිබද පරීක්ෂණ පවත්වන යුරෝපීය සහ ඇමරිකානු විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ ද එයයි. ඇමරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් ගුවන් යානය අතුරුදන් වූ අවස්ථාවේ එම ගුවන් තලයේ පිපිරීමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කළ ද එවැන්නක් සනාථ කරන සාක්ෂි ලැබී නැහැ. කෙසේ නමුත් අඩි 35,000ක් ඉහළ අහසේ කිසිඳු සංඥාවකින් තොරව මැලේසියානු බෝයිං ජෙට් යානය අතුරුදන්වීම තවමත් අභිරහසක්. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කලාපයක සිදුකෙරෙන අතර ඒ සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
අතුරුදන් වූ යානයේ සිටි මගියෙකුගේ දුරකතනය නාද වේ.
239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සිටි චීන ජාතිකයෙකුගේ දුරකතනය කි‍්‍රයාත්මක වන බව නවතම විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. ඔහුගේ පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කර ඇත්තේ එක් වරක් එය සම්බන්ධ වූවත්, පසුව ක්ෂණිකව ඇමතුම විසන්ධි වූ බවයි. මේ අතර, මෙම ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. මෙහෙයුම් සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10 ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කළා. කෙසේ වෙතත්, අඩි 35,000 ක් ඉහළ අහසේ කිසිඳු සංඥාවකින් තොරව මැලේසියානු බෝයිං ජෙට් යානය අතුරුදන්වීම තවමත් අභිරහසක්.
අතුරුදහන් වූ මලයාසියානු බෝයිං 777-200ER 9M-MRO යානය ගුවන්ගතවන අවස්ථාවේ ගත් වීඩියෝවක්
මගීන් 239 දෙනෙකු සමග තවමත් අතුරුදන් මලයාසියානු ගුවන් යානයෙන් අවසන් වරට ගුවන් විදුලි තරංග ඔස්සේ ලැබී ඇති පණිවුඩය පිළිබඳව මේ වනවිට මාධ්‍ය වෙත කරුණු අනාවරණය වී තිබෙනවා. ක්වාලාලම්පූර් හි සිටින චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වන අවස්ථාවේදි ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු අවසන්වරට ප‍්‍රකාශ කර ඇත්තේ ඕල් රයිට් - ගුඞ් නයිට් යන වචන දෙක බවයි. මෙම ගුවන් යානයේ මගීන්ගෙන් 153 දෙනෙකු චීන ජාතිකයන්. මේ අතර මෙම අතුරුදන්වීම පිටුපස ත‍්‍රස්තවාදීන් සිටින්නේය යන අදහස තවදුරටත් බැහැර නොකරන බව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂ ජෝන් බ්‍රෙනට් ප‍්‍රකාශ කළා. මෙම ගුවන් යානය අතුරුදන්ව අදට දින 5 ක්. එය සොයාගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක අතර මැලේසියාව, ඒ සඳහා මැදිහත්වන්නැයි ඉන්දියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම යානය පැදවූ එක් ගුවන් නියමුවෙකුට 2011 වසරේ ගුවන් යානා නීතිරිති උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි. ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප‍්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වාගත් බවට චෝදනා එල්ලවනවා. එරට මාධ්‍යවලින් මෙම සිද්ධියටද මේ වනවිට විශාල ප‍්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම යානය පැදවූ එක් ගුවන් නියමුවෙකුට 2011 වසරේ ගුවන් යානා නීතිරිති උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි. ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප‍්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වාගත් බවට චෝදනා එල්ලවනවා. එරට මාධ්‍යවලින් මෙම සිද්ධියටද මේ වනවිට විශාල ප‍්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
a
මැලේසියා ගුවන් යානය පැසිෆික් සාගර පතුලේ
"යානය පැසිපික් සාගරයට කඩා වැටුණා.
සියල්ලන් මැරුණා"
-ඉන්දියානු රාමචන්ද්‍ර ගුරුජි ආත්ම ආවේශයෙන් එළිකරයි
මගීන් 239දෙනෙකු සමග පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ.
මෙම ගුවන් යානා අතුරුදන්වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජි විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී තිබෙනවා. ඔහු මතකයක් තුළට යාමට හැකි ප‍්‍රවීනයෙකු ලෙස සැලකෙනවා.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇති බව ද පැවසුවා. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කළා.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවා. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලැබුවා.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී තිබෙනවා. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී තිබෙනවා.
ඉන්දීය රූපවාහිනියකට පැමිණ රාමචන්ද්‍ර ගුරුජි විසින් සිදුකළ එම වැඩසටහන පහතින් නරඹන්න....
(සියලුම තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)
0 comments:
Post a Comment