අපි මේ කියාදෙන්න යන දේ Computer පාවිච්චි කරන බොහොම දෙනා දන්න දෙයක්.ඒත් නොදන්න කෙනෙක් ඉන්නවනම් දැනගන්නයි අපි මේක කියලා දෙන්නෙ.
Computer එකට භාෂාවක් Add කරන එක මොකටද වැදගත් වෙන්නෙ?
- මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නෙ Unicode වලින් Type කරන්න.උදාහරනයක් කියුවොත් මේ Blog එකේ සිංහල Type කරල තියෙන්නෙ Unicode භාවිතා කරලා.
- දෙවනි වැදගත්කම තමයි සමහර Computers වල( විශේෂයෙන්ම Laptop වල )Default Language එක විදියට එන්නෙ English නෙවෙයි.ඒ කියන්නේ අපේ Keyboard එකේ English අකුරු තිබුනට වැදෙන්නෙ වෙනින් Language එකක අකුරු.ඉතින් මෙක English වලට හරි ඔයා කැමති භාෂාවකට හරි හරවගන්න ඕනනම් අපි දැන් කියන්න යන විදියට Computer එකට භාෂාව Add කරගන්න ඕන.
පියවර-1
පහත පියවර අනුගමනය කරන්න.
Control Panel ==> එහි දකුනු කෙළවරේ ඇති View by යන්න Small icon ලෙස ලබා දෙන්න.==> Language ==>Add Language==>අවශ්‍ය භාෂාව තෝරා Add Language යන්න Click කරන්න
පියවර-2
ඔන්න දැන් Language එක Add කරලා නම් ඉවරයි.දැන් ඔයාට ඒ දාගත්තු Language එකෙන් Type කරන්න ඕන නම් පහත පියවර අනුගමනය කරන්න.
- Taskbar එකේ දකුණු කෙලවරෙ ඇවිල්ලා තියෙන Language barඑක උඩ Click කරන්න.
මෙන්න මේ විදියට - අවශ්‍ය භාෂාව තෝරන්න.
- දැන් ඒ භාෂාවෙන් Type කරන්න පුලුවන්.
Sinhala keyboard Layout PDF - Download
ඔයාගේ Computer එකේ Operating system එක Windows 7 වලට ඉස්සෙල්ලා එකක් නම් ඔයාට සිංහල Unicode install කරගන්නම වෙනවා.Siyabus එකෙන් සිංහල Unicode Download කරගෙන Install කරගන්න.
සිංහල Unicode වලට ආධුනික ඔයාට මෙන්න අපෙන් Tip එකක්!
මුල් ටිකේ පුරුදු වෙනකම් On screen Keyboard එක භාවිතා කරන්න.මේකෙ තියෙන හොදේ තමයි මේ Keyboard එකේ අදාළ Language එක අනුව Keys වෙනස් වෙන එක.On screen Keyboard එක ගන්න On screen Keyboard ලෙස search කරන්න.
English වලින් Type කරනකොට On screen Keyboard එකේ Keys පෙන්වන විදිය.(රූප පැහැදිලිව බලා ගැනීමට
රූපය මත කරන්න.)
|
සිංහල වලින් Type කරනකොට On screen Keyboard එකේ Keys පෙන්වන විදිය.(රූප පැහැදිලිව බලා ගැනීමට
රූපය මත කරන්න.)
|
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment