මොනවද මේ Torrent?

ඇපිට ඕන කරන හැම දේම Internet එකෙන් කරගන්න Download එක අපිට සාමාන්‍ය දෙයක් වෙලා.ඒත් තවම බොහොමක් දෙනා දන්න වගේම බොහොමක් දෙනා නොදන්න දෙයක් තමයි Torrent කියන්නෙ.ඇත්තටම කියුවොත් මේකත් එක විදියක සාමන්‍ය Download ක්‍රමයක්ම තමයි.ඒත් මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙන් එක පාර ගොනු කිහිපයක් කර ගන්න පුලුවන්.හරියට අපිට ඕන කරන දෙවල් එකම බෑග් එකක දාලා pack කරල දෙනව වගේ.ඒත් එක්කම අනිත් විශේෂත්වය තමයි මේ එකට බැදලා තියෙන ගොනු වලින් අපිට ඔන දෙවල් ටික විතරක් අපිට select කරල download කරගන්න පුලුවන්. ඒ වගේම සාපේක්ෂව බැලුවත් සාමාන්‍ය වලට වඩා මේ ක්‍රමය ගොඩක් speed.අපිට ඕන වැඩ ටික කරගන්න නම් මේ තොරතුරු ටික ඇති කියලයි මට හිතෙන්නෙ ඒත් කට හරි ඕන නම් මේ ගැන වැඩි දුර තොරතුරු දැනගන්න මෙතන click කරන්න.


කොහොමද මේ Torrent Download කරන්නේ?

ඔන්න එහෙනම් වැඩේ කරන  හැටි Step by Step කියවගෙන යන්නකෝ...

පියවර-1
මේ Torrent Download කරන්නම හදපු Software එකක් තියෙනවා Bit Torrent කියලා. ඒක මෙතනින් Click කරල Download කරගෙන install කරගන්න.
මීට අමතරව මේ සදහා භාවිතා වන Software එකක් තමයි U Torrent කියන්නෙ.මේ දෙකේ මහ වෙනසක් නම් නැ.ඒකට කැමති නම් මෙතනින් ඒක Download කරගෙන install කරගන්න.

පියවර-2
දැන් Files Download කරගන්න ඕන වෙන Torrent File එක Download කරගන්න.මේ File ජාතියේ extension එක තමයි  (***.torrent).මේ Torrent files Download කරගැනීමට Google search හි කිරීම හෝ පහත දැක්වෙන Torrent Download සදහාම වෙන් වූ Website එකක search කිරීමෙන් මෙම torrent files Download කර ගත හැක.

ජනප්‍රිය Torrent Sites වල තොරතුරු ලබා ගැනීම සදහා මෙතන click කරන්න.

උදා:-Site එකක Torrent file එකක් Download කරන ආකාරය

උදා:-Download කර ගන්නාTorrent File ලද එකක් Windows Explorer හි පෙන්වන ආකාරය

පියවර-3
Torrent file එක උඩ Double click  කරන්න

පියවර-4
අවශ්‍ය files තෝරා OK Button එක click කරන්න.(මෙම විධාන ඔබ භාවිතා  කරන Software එක සහ එහි Version එක අනුව වෙනස් විය හැක.)

පියවර-5
Play Button එක Click කරන්න.(මෙම විධානයද ඔබ භාවිතා  කරන Software එක සහ එහි Version එක අනුව වෙනස් විය හැක.)

උදා:-Files Download  කිරීම ආරම්භ කිරීම.

උදා:-Files Download  කිරීම අවසන් වීම..

තවත් ක්‍රමයක්.....

Torrent files download  කර ගත හැකි තවත් ක්‍රමයක් තමයි Magnet URL නැමැති Torrent සදහාම විශේෂිත වූ URL එක Torrent download software එකට ලබ දීම.මේ ක්‍රමයෙන් Torrent files download කරගැනීමෙන් තොරව files Download කර ගන්න පුලුවන්.

ලේසි පහසු තවත් ක්‍රමයක්......

ඔයා Intenet Browse කරන්න  කරන්නෙ Torch Browser එක නම් ඔයාට ලේසියෙන්ම Torrent Download කරගන්න පුලුවන් වෙන මොනවත් Software නැතුව.පහත Video එක බැලුවම ඔයාට තේරේවි ඒක කොච්චර ලේසිද කියලා.ඒත් මේ ක්‍රමේට Download කරනකොට speed එකනම් සාපේක්ෂව අඩුයි.


ඒ ක්‍රමේ ලේසියි කියලා හිතෙනවානම් මෙතනින් Torch Browser එක Download කරගන්න

ප්‍රශ්නයක් තියෙනවනම් අපිට e-mail එකක් දාන්න.මෙන්න අපේ e-mail Address එක.3konweb@gmail.com

1 comments:

  1. You can add your sugesstions also by a comment like this!

    ReplyDelete

 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google