ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.
පුද්ගලයන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (08) උදෑසන ගුවනේ දී අතුරුදන් වී තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ඊයේ මධ්‍යම රාත‍්‍රියේ නික්මුණු මෙම ගුවන් යානය මීට පැය කිහිපයකට පෙර බීජිං නුවරට ළඟාවීමට නියමිතව තිබුණා. එහෙත් ගුවන් යානය සහ පාලන කුළුණු සමඟ සම්බන්ධතාව බිද වැටී ඇති බවයි මැලේසියානු ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ වී ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා. බෝයිං 777 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ ළදරුවන් දෙදෙනෙකු ඇතුළු මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.
(මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා අපගේ Blog එකේ E-පුවත් Page එකට යන්න.Videos සහිතයි.)
0 comments:
Post a Comment